ආයුබෝවන්!
මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු...!
මානවයා.lk පිළිබඳ...
- මානවයා.lk යනු මිනිස් සිරුරේ අවයව සහ පද්ධති පිළිබඳ මෙන්ම මිනිසාට වැළෙඳන ලෙඩරෝග සහ බෙහෙත්හේත් වැනි වෛද්‍යමය තොරතුරු පිළිබඳව ද, අපේ ජීවිතයේ නොයෙක් අවදීන් වලදි අප විසින් පිළිපැදිය යුතු යහපත් සෞඛ්‍ය පුරුදු වැනි සෞඛ්‍යමය තොරතුරු පිළිබඳව ද සිංහලෙන් තොරතුරු ලබාගත හැකි සිංහල වෙබ් අඩවියකි.
- මෙය විකිපීඩියාව වැනි විකි අඩවියක් නිසාවෙන් ඕනෑම කෙනෙකුට මෙමගින් දැනුම ලබාගත හැකිසේම ඕනෑම කෙනෙකුට මෙම සිංහල ජෛව විකියට දැනුම එක් කිරීමට ද හැකියාව ඇත.
- මෙම අඩවිය තුළ දැනුම සෙවීමට ඔබ සිංහලෙන් යතුරුලියනය කර සෙවීම් සිදුකිරීම අත්‍යාවශ්‍ය නොවන අතර ඉංග්‍රීසි බසින් වුවද සෙවීම් සිදුකර සිංහලෙන් තොරතුරු ලබාගත හැක. මේ නිසා සිංහල යතුරුලියනය අපහසු අයට වුවද මෙමගින් සිංහලෙන් තොරතුරු ලබා ගැනීමේ පහසුකම ඇත. (උදාඃ ඔබට 'මොළය' ගැන සිංහලෙන් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ සිංහල යුනිකෝඩයෙන් 'මොළය' ලෙස යතුරුලියනය කර සෙවම් සිදු කිරීම අත්‍යවශ්‍ය නොවන අතර ඉංග්‍රීසි අක්‍ෂරයෙන් 'molaya', 'mole' හෝ 'brain' ලෙස වුවද යතුරුකර සෙවීම් සිදු කළ හැක.)
- අඩවිය තුළ සැරිසැරීම සිංහල හෝ ඉංග්‍රීසි යන කැමති භාෂාවකින් සිදු කළ හැකි අතර, කුමන භාෂාවකින් සැරිසැරුවද දැනුම් අන්තර්ගතයන් සියල්ල ඇත්තේ සිංහල භාෂාවෙන් ය.
නුදුරු අනාගතයේදී...
- මානවයා.lk ෆෝරම වෙත ඔබේ වෛද්‍යමය හෝ සෞඛ්‍යමය ගැටළු ඉදිරිපත් කිරීමෙන් ස්වේච්ඡා වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ උපදෙස් ලබා ගැනීමට හැකි වනු ඇත.
- මානවයා.lk වෛද්‍ය ලිපි මඟින් ඔබට කාලීන වෛද්‍යමය සහ සෞඛ්‍යමය තොරතුරු සහ උපදෙස් ද ලබා ගැනීමට හැකි වනු ඇත.
ඔබත් දායක වන්න...
- දැනට මානවයා.lk විකිය සතුව ඇත්තේ මානව ශරීරයේ පද්ධති 8 ක් පිළබඳව සහ අවයව 46 ක් පිළිබඳ සිංහල රූපසටහන් සහ තොරතුරු ය. මානව ලෙඩරෝග, බෙහෙත්හේත් සහ අනෙකුත් වෛද්‍යමය සහ සෞඛ්‍යමය තොරතුරු වලින් මෙම විකි අඩවිය පෝෂණය කිරීමට ඔබටත් දායකත්වය සැපයිය හැක.
- මෙම අඩවිය තුළ දැන්ම ලියාපදිංචි වීමෙන් ඔබටත් මෙම සිංහල ජෛව විකිය තුළ විකි පිටු සාදමින් මෙහි දැනුම් අන්තර්ගතය වැඩිදියුණු කළ හැක.
- ශ්‍රී ලාංකීය සිංහල ජනතාවගේ වෛද්‍යමය සහ සෞඛ්‍යමය දැනුම වර්ධනය කිරීමේ මේ ප්‍රජා සත්කාරයට ඔබටත් මෙමගින් දායක විය හැක.
෴
